සලාමයේ
ආරම්භය නම් ආදම් නබිගේ ආරම්භය හා පැරණිය. අල්ලාහ් ආදම් නබි තුමාව මැවූ අවස්ථාවේ
ඔහුට “ ඔබ ගොසින් එහි වාඩි වී සිටින මලායිකාවරුන්ට සලාම් පවසන්න, එවිට ඔවුන් ඔබට සුභ
පතයි. එයට හොඳින් සවන් දෙන්න මන් ද එය ඔබට හා ඔබගෙන් පැවත එන්නන්ට කරන සුභ පැතීමයි.”
යනුවෙන් පැවසුවේ ය. ආදම් (අලෛ) තුමා එවිට
ඔවුන් හට “ අස්සලාමු අලෙයිකුම්” යනුවෙන් පැවසූ හ. එයට පිළිතුරු දුන් මලායිකාවරු
“අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහ් යනුවෙන් පිළිතුරු දුන් හ. එහි වරහ්මතුල්ලාහ්
යනුවෙන් වැඩියෙන් කියැවුණි.(සහිහ් බුහාරි- වෙළුම 8 –පරිච්‍ජේදය79- හදීස් -6227) මෙයයි අප නිතරම භාවිතා කරන සලාමයේ ආරම්භය .
අස්සලාමු
අලෙයිකුම් යන්නෙහි තේරුම ගත් කළ ඔබට එය සුභ පැතීමකට එහා ගිය ප්‍රාර්ථනාවක් බව ගම්‍ය
වේ. ඔව් ,අස්සලාමු අලෙයිකුම් යන්නෙහි තේරුම නම් “ අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය
ඔබට අත්වේවා” යන ප්‍රාර්ථනාවයි . ඔබ යම් කෙනෙකු දෙස බලා සලාම් පැවසීමෙන් සිඳු
කරන්නේ ඔවුන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කිරීමයි, එයට පිළිතුරු ලබාදීමෙන්
ඔවුන් ඔබ වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි.
සලාම්
පැවසීමට තරුණ මහලු , ධනවත් දුප්පත් , කුඩා ලොකු යැයි කිසිඳු භේදයක් නැත. ඕනෑම
මුස්ලිම්වරයෙකුට ඔබට සලාම් පැවසිය හැක. අස්සලාමු අලෙයිකුම් යන්න දේශ සීමාවලින් ඔබ්බට
ගිය ලොව පැතිර සිටින සියලුම මුස්ලිම්වරුන් හට පොදු වූවකි. එම නිසයි ඉස්ලාමය සලාමය මනුෂ්‍යයින්
අතර සහෝදරත්වය ආදරය හා කරුණාව පතුරුවන මාධ්‍යක් ලෙස සලකන්නේ.
නබි (සල්)
තුමා පැවසූ බවට අබූහුරෛරා (රලි) වාර්තා කරයි,“ මාගේ ආත්මය කා සතුව
තිබෙන්නේ ද, ඔහුගේ නාමයෙන් දිවුරා පවසමි, නුඹලා විශ්වාස කරන තුරු ස්වර්ගයට
පිවිසෙන්නේ නැත, තව ද නුඹලා එකිනෙකා හට ආදරය කරන තුරු විශ්වාස කරන්නේ ද නැත. මා ඔබට
යම් දෙයක් කියා දෙන්න ද , එය ඉෂ්ට කිරීමෙන් නුඹලා එකිනෙකා හා ආදරයෙන් බැඳෙයි ? එයනම්
එකිනෙකා අතර සලාමය පැතිරවීමයි .” (තිර්මිදි – වෙළුම 5 පරිච්‍ජේදය 23 – හදීස් 2688) , මින් පසුව ඔබ කිසියම්
මුස්ලිම්වරයෙකු දෙස සලාම් නොපවසා මගහැර යන්නට පෙර මදක් සිතන්න ඔබ මේ ස්වර්ගයට ලඟා
වීමට ඇති තවත් එක් අවස්ථාවක් නොවේ ද මඟහැර යන බව.
සලාම්
පැවසීම මෙන්ම සලාමයට නිසි ආකාරයෙන් පිළිතුරු දීම ද අප සතු වගකීමකි . මෙය ශුද්ධ වූ
අල් කුර්ආනයේ පවා පෙන්වා දි ඇත. අල්ලාහ් සූරා නිසා හි මෙසේ පවසයි “නුඹලාට සලාම්
නැමැති සුභාශිංසණය පවසනු ලැබුවේ නම් එයට වඩා ලස්සන අන්දමින්, නැතිනම් එයම ආපසු
පැවසිය යුතුය! නියතව අල්ලාහ් සියල්ල ගණන් ගන්නෙකුව සිටියි” ( සුරා නිසා 86)
No comments:
Post a Comment